සංචාරය කරන්න ලොව හොඳම රටවල් 05 අතරට ශ්‍රි ලංකාවත්

Picture of Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රි ලංකාවත් එක්වෙයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම්වලදී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ.

පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙලින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත.
ශ්‍රී ලංකාව ලෝකයේ හොදම සුවතා ගමනාන්තයක් ලෙස ද තෝරා ගැණුනි. පසුගිය වසරේ දි ද Conde Nast Traveler සගරාව පැවැත් වූ Readers Choice ශ්‍රේණිගත කිරිම් වල දි ශ්‍රි ලංකාව හොදම ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත කිරිම් කර තිබිණි.

ලොව පුරා විසිරී සිටින Conde Nast Traveler සගරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.