ලක් සතොසේ සුදුලූනු වංචාවට ලොක්කියෙක් සමඟ 4ක් අත්අඩංගුවට

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

සුදු ළුණු වංචාව සම්බන්ධයෙන් ලක් සතොසේ නිලධාරීන් සිව් දෙනෙක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලක් සතොස මිලදී ගැනීම් භාර සහකාර සාමාන්‍යාධිකාරීවරිය, සැපයුම් භාර ජ්‍යෙෂ්ඨ කළමනාකරු, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු ද වේ.

මෙම සැකකරුවන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබූ අතර එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

ලක් සතොස ආයතනයේ පරිගණක පද්ධතිය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත.

ඒවා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෝහාරික විමර්ශනයකට ලක්කරමින් සිටී.

එහිදී හෙළිවන තොරතුරුමත ඉදිරි විමර්ශන සිදුකරන බවත් අත්අඩංගුවට ගැනීමට තවත් කිහිප දෙනෙක් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.