ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමා තිබේ.
ඒ අනුව රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයා වන අතර අග්‍රාමාත්‍යවරයා දෙවන පුරවැසියා ද කතානායකවරයා තුන්වෙනි පුරවැසියා ද වේ. හතරවැනි පුරවැසියා වන්නේ අග්‍ර විනිශ්චකාරවරයා වන අතර කැබිනට් ඇමතිවරු සමඟ මින් ඉදිරියට මහ බැංකු අධිපතිවරයා පස් වන ස්ථානයට පත් වේ.
මේ අනුව මෙරට ප්‍රමුඛතා පිළිවෙලෙහි 5 වැනි ස්ථානයේ තබන, කැබිනට් අමාත්‍යවරු, විපක්ෂ නායක, ෆීල්ඩ් මාෂල් යන අය සමඟ මින් ඉදිරියට එකට වාඩිවී සිටීමට මහ බැංකු අධිපතිවරයාට ද ආසන පනවනු ඇත.
කැබිනට් අමාත්‍යවරයකුගේ තත්වය මහ බැංකු අධිපතිවරයාට ලබාදීම සනාථ කළ ද ඔහුට දේශපාලන බලතල හෝ දැනට පවතින බලතලවලට අමතරව කිසිදු වෙනත් ප්‍රසාදයක් හිමි නොවන බව ද සඳහන් වෙයි.