නවතම පුවත්

ඉන්ධන ආනයනයට දිගුකාලීන කොන්ත්‍රාත්තුවක්

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2022 ජනවාරි මස 1 වන දින සිට 2022 අගෝස්තු මස 31 වන දා දක්වා කාලය තුළ එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත.

ඒ අනුව ඩීසල් සල්පර් ප්‍රතිශතය 0.05 බැරල් 1,137,500ක් සහ ඩීසල් උපරිම සල්පර් ප්‍රතිශතය 0.001 බැගින් වු බැරල් 262,500ක් ආනයනය කිරීමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

එමෙන්ම එම කාලය තුළ පෙට්‍රල් 92 බැරල් 1,341,000 සහ පෙට්‍රල් 95 බැරල් 459,000ක් ආනනය කිරීමට අදාළ සමාගම වෙත පිරිනැමීමට අනුමැතිය හිමිව තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ආදළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් පළ කළ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, “වර්තමානයේ දී ජනතාව අතර බියක් ඇතිවෙමින් තියෙනවා ඉන්ධන හිඟයක් පිළිබඳව. එවැනි හිඟයක් වර්තමානයේ දී නොමැති අතර ඉදිරි කාලසීමාව තුළත් ඉන්ධන හිඟයක් ඇති නොවන බව ඉතාම වගකීමෙන් රජය හැටියට ප්‍රකාශ කරනවා.” යනුවෙන් පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි