නවතම පුවත්

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවෙම කොටසක් කොළඹදී ජාතික සභාවක් කැඳවයි

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

යුගදනවි බලාගාර ගිවිසුම ඔස්සේ මෙරට එල්එන්ජී සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ලබන 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හෙළිකිිරීම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නේ කුමටද?’ යනුවෙන් පවසමිනි.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 ක් සහ යුගදනවි බලාගාර ගිවිසුමට විරුද්ධ ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (26) බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමෙන් අනතුරුව හෙතෙම මේ බව කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, අමාත්‍ය විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය  ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ 11ක් මෙන්ම ඛනිජ තෙල්, විදුලිබල, වරාය හා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී වී ඇත.

මෙහිදී කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම සහ LNG සැපයුම අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වෙයි.

එම සාකච්ඡාවට එක්වීමන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් මාධ්‍යවේදියකු විමසා සිටියේ ‘ ඔබතුමාලාම බලයට ගෙනාපු කණ්ඩායමට එරෙහිව තමයි ඔබතුමන්ලා මේ ?’ යනුවෙන් වන අතර “අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදිනම් ඒක වැරදි” යැයි උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය. එමෙන්ම 29 වනදා ජාතික සභාව රැස්වීම අනිවාර්ය බව ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී කීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි