සියලු දුම්රිය ධාවනයටත් ටිකට් දෙන්නත් අවසර ඉල්ලීමේ සූදානමක්

Picture of Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පළාත් අතර දුම්රිය ධාවනය සඳහා අනුමැතිය ලබා ගැනීමට මෙන්ම දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමේ අවස්ථාව ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ලබන සිකුරාදා පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටුවට යොමු කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

පළාත් අතර දුම්රිය ධාවනය කෙසේවෙතත් දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයි  දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

දැනට පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය වන අතර දුම්රියෙහි ගමන් කළ හැක්කේ වාර ප්‍රවේශපත් හිමි අයට පමණි. ප්‍රවේශපත් නිකුත් නොකර දුම්රිය ධාවනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සංචරණ සීමා මුළුමනින්ම ඉවත් නොකර ඇති පසුබිමක් තුළ අන්තර් පළාත් දුම්රිය ද තවමත් අත්හිටුවා ඇති බැවින් වාර ප්‍රවේශපත් හිමියන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර දීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබුණි.