ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ තේරී පත් වී තිබේ.
WHO (ලෝක සෞඛ්‍ය සංවිධානය) විසින් COVID-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතයට (C-TAP) සම්බන්ධ විද්‍යාත්මක, තාක්ෂණික සහ උපාය මාර්ගික කරුණු පිළිබඳව උපදෙස් දීමට තාක්ෂණික උපදේශක කණ්ඩායමක් (TAG) පිහිටුවා ඇත.
කොවිඩ්-19 සෞඛ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් ලෙස විවිධ පරාසයක දැනුම සහ ප්‍රවීණත්වය ඇති කීර්තිමත් විශේෂඥයින් 10 දෙනෙකුගෙන් මෙම සමූහය සමන්විත වේ.
ඖෂධ, රෝග විනිශ්චය, එන්නත් සහ අනෙකුත් සෞඛ්ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය පිළිබඳ විශේෂඥයින්, මහජන සෞඛ්‍යයට නැඹුරු බුද්ධිමය දේපල පිළිබඳ විශේෂඥයින්, තාක්ෂණ හුවමාරු විශේෂඥයින්, ව්‍යාපාර සංවර්ධන විශේෂඥයන්, ඖෂධවල මිල නියම කිරීම, ප්‍රසම්පාදනය, අවශ්‍යතා ඇස්තමේන්තු කිරීම සහ/හෝ නියාමනය පිළිබඳ විශේෂඥයින් ඊට ඇතුළත් ය.