නවතම පුවත්

අබුඩාබි ක්‍රිකට් පිටි භාරකරුගේ මරණය අභිරහසක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රධාන භාරකරුවන  මොහාන් සිංගේ මරණය ,තවමත් අභිරහසක්ව පවතී .

ඔහු මෙලෙස මරණයට පත්වූයේ ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර විස්සයි 20 ලෝක කුසලාන තරගය , අබුඩාබි ක්‍රීඩාංගනයේදී අරම්භවීමට  පැය කිහිපයකට පෙරය . ඔහු සිය කාමරයේ වහලයේ එල්ලී,  මියගොස් සිටියදී සොයා ගනු ලැබීය

ඉන්දීයාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ ජීවත් වූ 45 හැවිරිදි මොහාන් සිං 2004 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට පෙර මොහාලි හි හිටපු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තණතීරු භාරකරු වූ ඩල්ජිත් සිං සමඟ සමිපව කටයුතු කළ අයෙක් බවටයි වාර්තා වන්නේ.

1994 වසරේ සිට ඉන්දියාවේ පංජාබ් ක්‍රිඩාංගනයේ තණතිරු භාරකරුවෙකු වශයෙන් ලැබු පුහුණුවෙන් පසුව මොහාන් සිං වසර 15 ක් අබුඩාබි ක්‍රිකට් පිටියේ සේවය කර ඇති අතර එම කාලය තුළ එහි සාර්ථකත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අයෙකු ලෙසයි සැලකෙන්නේ.

පසුගිය ඉරිදා පැවති ICC T20 ලෝක කුසලාන සුපිරි 12 වටයේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ දි තණතීරුව සකස් කිරීම භාරව සිටියේ මොහාන් සිං ය.

“පසුගිය මාස හතරක කාලය තුළ ඔහු දැඩි මානසික අවපීඩනයෙන් පසුවූ බවට වාර්තා පලවන අතර පසුගිය   ඉරිදා පැවති  නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය ඉන්දියාවට ඉතා තිරණාත්මක තරගයක් විය .

මෙම තරගයේදි ඇෆ්ගනිස්ථානය ජයගතහොත් ඉන්දියාවට අවසන් වටයට පිවිසිමට හැකියවක් පවතින නිසා  නවසීලන්තයට අවාසිවන ලෙස  තණතීරුව සකස් කිරීමට මොහොන් සිංට කිසියම් පාර්ශවයකගෙන් පීඩනයක් එල්ල්වුවා ද යන්න  ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුල ප්‍රශ්න කර තිබිණ

“එය සියදිවි නසාගැනීමකින් සිදු වූ මරණයක් ද යන්න තහවුරු කර ගත හැක්කේ ප්‍රාදේශීය පොලිස් බලධාරීහු සිය විමර්ශන අවසන් කිරීමෙන් පසුව බව තරඟාවලි සංවිධායකයින්ට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබින

කෙසේ නමුත් අවසානයේදි ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කරමින් ඉන්දියාවේ සිහිනබොඳ කරමින් නවසිලන්ත මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

අබුඩාබි ක්‍රිකට් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද  මොහාන් සිං ට  උපහාර දැක්වුවද මරණයට හේතුව හෙළි කර නැත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා