නවතම පුවත්

ඉදිරි මාස දෙක ඇතුලත , රටට අලුත් ව්‍යවස්ථාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත මේ වසර අවසන්වන විට සකස්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.

මෙම කෙටුම්පත සකස් කිරීමේ කටයුතු දැනට අවසන් අදියරේ පවතින බවද හෙතෙම සඳහන් කළේය.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දුවක් ලබා දුන් බවත් ජනතාව ලබාදුන් ඒ ජනවරමට අනුව රජය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරගෙන යන බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය .

පැරණි ව්‍යවස්ථාවේ අඩුපාඩු හඳුනාගෙන නව ව්‍යවස්ථාව සකස් කරන බව පැවසූ අගමැතිවරයා නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ එකඟත්වය අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවත් සඳහන් කළේය.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්, අබ්දුල් සලාම්,මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න,මහාචාර්ය ජී.එච් පිරිස්, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා , ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එස් සර්වේස්වරන් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

විවිධ පාර්ශ්ව අදහස් සැලකිල්ලට ගෙන අධ්‍යයන කර නව ව්‍යවස්ථාව සකස් කරන බවත් රටට ආවේණික සංකල්පමය නීතිමය රාමුවක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පත්කර ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා