සයිනොෆාම් ගත් සංචාරකයන්ට එංගලන්තය ඇතුළු රටවල් 10ක් ඇරේ

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එක්සත් රාජධානියට ගමන් කිරීම සඳහා අනුමත එන්නත්වලින් එකක් ලෙස ලබන 22 සඳුදා සිට සයිනොෆාම් පිළිගැනේ.

රටවල් 135 ක සංචාරකයින් සඳහා දැනටමත් පිළිගත් එන්නත් ලැයිස්තුවට බලධාරීන් සිනොවැක් සහ කොවැක්සින් ද එකතු කර ඇත.

නමුත් මේ මොහොතේ මෙය අදාළ වන්නේ එංගලන්තයට පමණකි.  ස්කොට්ලන්තය සහ වේල්සයට ඔවුන්ගේම නීති වෙන්ව පවතී.

මෙයින් අදහස් කරන්නේ යම් අයකු එංගලන්තයට යාමට දැන් දින 10ක නිරෝධායනයකින් තොරව යා හැකි බවය.

මීට අමතරව අමෙරිකාව, මාලදිවයින, ඕමානය, තායිලන්තය, මොරොක්කෝව, අයිලන්තය, මොරිෂස් යන රටවලට ද සයිනොෆාම් එන්නත් ගත් අයට සංචාරය කළ හැකිය.

සයිනොෆාම් ගත් සංචාරයක් පිළිගන්නා රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් ය.