දම්පත් රණසිංහ
ගුරු සහ දෙමාපිය උද්ඝෝෂණයක් පැවති ස්ථානයකට වඩා වැදී උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසට බැණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතා සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
මෙම ගුරු- දෙමාපිය උද්ඝෝෂණය පැවැත්වෙන්නේ ඉකුත් 03 වෙනිදාය. මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඇතුළු පිරිස කළ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානයට උද්ඝෝෂකයන් විසින් පැමිණිල්ලක්ද කර තිබුණි.
ඒ අනුව සැකකරුවන්ට එරෙහිව පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් ගුරුවරුන් අවස්ථා කිහිපයකදීම මාවනැල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේද නිරත විය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරේ.