නවතම පුවත්

භාණ්ඩ 433ක් ආනයනය සීමා කරලා

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා එළවළු පලතුරු යනාදී කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10)පැවසීය.

ආනයනය සීමා කෙරුණු සෙසු භාණ්ඩ අතර ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල් ,සබන්,ලුනු යනාදිය වන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක්ද 2019 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්ද වැය කර ඇති බව පැවසූ ශෙහාන් සේමසිංහ මහතා මෙම භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බවත් පැවසුවේය.
එසේම වාහන ආනයනය තහනම් කිරීම නිසා ඇතිවූ වෙළෙඳපොළ හිඟය සපුරා ගැනීම සඳහා වාහන එකලස් කිරීමේ කර්මාන්තය දේශීයව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ සඳහා ආයෝජකයන් එකොළොස් දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා