“බුලත් කොළය” නව ගමනකට සැරසේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30ක් එක්වෙමින්  පුළුල්  සන්ධානයක් ලෙස තම ශක්තිය වර්ධනය කරගනිමින් ක්‍රියාත්මකවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කර ඇත

මේ ගැන එම පක්ෂ හා කණ්ඩායම් සමඟ මූලික සාකච්ජාව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේදී ආරම්භ විය .

පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා වන මූලික සාකච්ඡාව මෙහිදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කර ගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම එම සාකච්ඡාවේ අරමුණ වන බවත්  එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සදහා සියලු පාර්ශව එකතු කර ගැනීමට අපේක්‍ෂා කරන බවත්  එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සදහන් කළේය .