පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබන සේවා කාලය වසර 10ක් කෙරේ

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා සම්පූර්ණ කළයුතු අඛණ්ඩ වසර ගණන 5කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව මගින් යෝජනා කරයි.

මේ වනවිට ඔහු විසින් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව සඳහන් කළේය.

ඒ අනුව දැනට වසර 5ක්ව පවතින එම කාලසීමාව වසර 10ක් දක්වා වැඩිකිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.

මෙය ජනාධිපතිවරයාට ද අදාළ වන පරිදි නීති සංශෝධන සැකසීමට ද යෝජනා කළ බව බැසිල් අමාත්‍යවරයා පවසයි.