රජයේ කාර්යාල ඉදිකිරීම වර 2කට නවතී – දුරකතන – තෙල් වියදම් කප්පාදුයි

Picture of අසංක

අසංක

රජයේ භාවිතය සඳහා නව කාර්යාල අවකාශයන් ඉදිකිරීම වසර 02 කට අත්හිටුවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැයෙන් යෝජනා කරයි.

රජයේ ඉතිරිකිරීම් වැඩිදියුණු කිරීම සඳහා මෙම යෝජනාව කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ඉන්ධන සීමාව ලීටර් 5කින් අඩු කිරීමටත් රාජ්‍ය ආයතන හා නිලධාරීන් සඳහා දුරකතන දීමනාව 25%කින් කප්පාදු කිරීමට ලබන අයවැයෙන් යෝජනා වෙයි.

රාජ්‍ය ආයතනවල විදුලි බිල ද සීමා කිරීමට අයවැයේ යෝජනා කර ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස් සීමාව ද අවුරුදු 65 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.