නවතම පුවත්

පාසල්වල සියලු ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අද (15) උදෑසන පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය

“අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් තැන්පත් කරලා තියෙනවා. එය නෑ කියනවා නම් කවුරු හරි මන්ත්‍රීවරයෙක් තමන්ගේ ගෙදර දරුවන්ටත් තමන් කරන්නේ අපහාසයක් කියලා කියන්න ඕනේ. පාසල් විවෘත කරලා තියෙනවා. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි සෞඛ්‍ය නීති ඉවත් කළේ. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි පාසල් විවෘත කරන්න පුළුවන් වුණේ. ප්‍රාථමික පන්තිවලින් ආරම්භ වුණේ. 240,000ක් ගුරුවරු ඔක්කෝම එන්නත් කරලා තියෙනවා දෙවරක්. ඒ එන්නත් කරලා තමයි පාසල් පටන් ගත්තේ. ඒ නිසා අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනෙකුත් ශ්‍රේණී පාසල්වල ආරම්භ කරනවා කථානායකතුමනි. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ පාසල් විවෘත කරන්න හැකිවීම ගැන.”

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා