නවතම පුවත්

විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් ප්‍රමාණයත් අඩුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී .

මහ බැංකු දත්ත අනුව එය සියයට 50කින් පමණ අඩුවී ඇති අතර  2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාවේ දැක්වේ

2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් වූ විදෙස්ගත සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 353 ක් දක්වා අඩුවී ඇති බව එහි දැක්වේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ සමුච්ඡිත පදනම මත, 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,577 ක් දක්වා සියයට 9.3කින් අඩුවී ඇති බවය.

එහෙත් පසුගිය කාලය තුළදී රැකියා සඳහා විදෙස්ගත වූ ගණන 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 12,274 ක් දක්වා සියයට 38.6කින් වර්ධනය වී තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා