නවතම පුවත්

කොවිඩ් සිව්වෙනි රැල්ලේ වගකීම විපක්‍ෂය භාරගත යුතුයි – සරත් වීරසේකර

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමගි ජන බලවේගය පැවැත්වූ ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් පැමිණ රට නැවත වසා දැමීමට සිදු වුවහොත් එහි වගකීම විපක්ෂය බාරගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.

සෞඛ්‍ය අංශ අනුමත කර නැති අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම ඉතා වැරදි ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

පොලිසිය වැඩ කරන්නේ දේශපාලඥයන්ගේ නියෝග මත නොවන බවත් පොලිසිය මේ අවස්ථාවේදී වැඩ කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව බවත් වීරසේකර මහතා කීවේය.

ලොකු කාර්යභාරයක් කරන පොලිස් නිලධාරීන්ට අවමන් කිරීම ඉතා වැරදි බව පැවසූ අමාත්‍යවරයා පොලීසියේ ආත්ම ගෞරවය කෙළෙසන අයට කිසිදු සමාවක් නොදෙන බවද සඳහන් කළේය.

පොලීසිය කරන්නේ ඉතාම දුෂ්කර කාර්යයක් බවත් කොරෝනා මර්දන කටයුතුවලදී සහ උද්ඝෝෂණ නැවැත්වීමට යෑමේදී පොලිස් නිලධාරීන් පහළොස් දහස් හත් සියයකට කොවිඩ් ආසාදනයවූ බවත් ඔහු පැවසීය.

කොවිඩ් ආසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 44 දෙනකු මිය ගොස් ඇතැයිද සරත් වීරසේකර මහතා කීවේය.

රට ගැන අංශු මාත්‍රයක් හෝ හැඟීමක් තිබේ නම් මෙවැනි ජන රැලි නවත්වා රට ගොඩනැගීමට වැදගත් දේශපාලඥයන් ලෙස රජයට සහය දක්වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි