තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී
ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
. ඒ තුළින් ශ්‍රී ලාංකිකයින් 2,000කට ක්ෂණිකව රැකියා අවස්ථා උදාවන බවද ඒ මහතා පැවසීය .”
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
වෛද්‍ය උපකරණ නිෂ්පාදන කිරීම සඳහා මෙරට ඉදිකෙරුණු පළමු කර්මාන්තශාලාව වන Flexicare Lanka ඉදිකර ඇත්තේ රයිගම බණ්ඩාරගම ප්‍රදේශයේය.
Flexicare Lanka යනු එක්සත් රාජධානියේ Flexicare සමූහ ව්‍යාපාරයට අයත් පූර්ණ අනුබද්ධිත ආයතනයකි.
කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වැය කර තිබේ.
ශල්‍ය වෛද්‍ය උපකරණ, ශ්වසන ආධාරක ඇතුළු මෙහි නිෂ්පාදනය කෙරෙන වෛද්‍ය උපකරණවලින් 90%ක් අපනයනය කිරීමට නියමිතය.