දින දහයකට ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් මෙරට තුල පවතින බවත් අද සහ හෙට , අලුතෙන් ඉන්ධන නැව් දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවත් ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් අද මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේය .
ඒ අනුව දින 03 ක් තුළ ඉන්ධන මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 16,000 ක් මෙරට ඉන්ධන සංචිතයට එක් වන බවද ඒමහතා පැවසීය
පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණෙනු ඇති අතර . හෙට දිනයේදී ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතය. ඊයේ දිනයේද ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් නැවක් මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ
මෙලෙස මෙරටට රැගෙන එන ඉන්ධන නැවක් සම්පූර්ණයෙන් ම ගොඩබෑම සඳහා දින 04 ක පමණ කාලයක් ගතවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණ අතර . ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවද වාර්තාවේ .