ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් විසින් අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින ප්‍රභානි රණවීර නම් තරුණියයි.
සිය පශ්චාත් උපාධි පර්යේෂණය තුළින් ඇය මෙලෙස අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුම නිර්මාණය කර ඇත.
දැනට ලෝකයේ භාවිතයට ගනු ලබන්නේ වානේ වෙඩි නොවදින ඇඳුම් වන අතර වානේ බර වැඩි වීම හේතුවෙන් මේ වනවිටත් ලොවපුරා වානේ සහ ඇලුමිනියම් යොදාගනිමින් වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීමට පර්යේෂණ ක්‍රියාත්මක බවයි ඇය පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් ප්‍රභානි විසින් නිර්මාණය කර ඇති මෙම නව නිර්මාණයේ තවදුරටත් බර අඩු කර ඇති අතර ඒ සඳහා වානේ, ඇලුමිනියම් සහ ටයිටේනියම් යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
දැනට පවතින වානේ වෙඩි නොවදින ඇඳුම භාවිත කිරීමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් නොවුන ද ඉන් ඇතිවන තරංග හේතුවෙන් සිරුරේ අභ්‍යන්තරයේ අවයවවලට හානි සිදුවිය හැකි බව ඇය පැවසීය.
එමගින් වෙඩි ප්‍රහාරය එල්ලවූ මොහොතේ එය පැළඳ සිටි පුද්ගලයාට හානියක් සිදු නොවුනද මද වෙලාවකින් ජීවිත හානි තත්වයන් පවා ඇතිවිය හැකි බවද ඇය පෙන්වාදෙයි.
ඒ අනුව මෙම ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුම තුළින් එම පසු කම්පනයන් සියයට 80කින් පමණ අඩුකිරීමට සමත්වන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
ඇය මෙරට මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර උසස් අධ්‍යාපනයෙන් අනතුරුව තායිලන්තයේද අධ්‍යාපනය හදාරා ඇති ඇය මේ වනවිට ශිෂ්‍යත්වයක් ලබා සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිය පශ්චාත් උපාධිය හදාරයි.