නවතම පුවත්

ඉන්ධන මිල පාලනයට ඇමෙරිකාව, සංචිත මුදාහරී

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළඳපළ වෙත හදිසි ඉන්ධන සංචිත මුදා හැරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇත

ජනාධිපතිවරයා පැවසුවේ වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවය

ඒ අනුව ජෝ බයිඩ්න්ගේ නියෝගය පරිදි බලශක්ති දෙපාර්තමේන්තුව උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් ඉන්ධන බැරල් මිලියන 50 ක් ලෝක වෙලඳපල වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර ඇත

වෙළඳපල ඉලක්ක කර අමෙරිකාව සිදුකළ විශාලතම ඉන්ධන මුදා හැරීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ප්‍රධාන වශයෙන් ඉන්ධන භාවිත කරන රටවල් සමඟ සම්බන්ධීකරණය කිරීමෙන් අනතුරුව තෙල් සංචිත මුදා හැරීමේ තීරණයට එළඹනු බව ධවල මන්දිරය සඳහන් කර ඇත .

කෙසේවෙතත් ගෑස් මිල ඉහළ යාමේ ගැටළුවට එක රැයකින් විසඳුම් ගෙන ඒමට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙ

ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති වුවත්, වැඩි කාලයක් ගතවීමට පෙර ගෑස් මිල පිළිබඳ ගැටළුවට ද විසඳුම් ගෙන එන බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්