ගෑස් සිලින්ඩර පුපුරන හේතුව, රස පරීක්‍ෂකයෝ සොයා ගනී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය දිනවලදී වාර්තා වූ ගෑස් සිලින්ඩර පුපුරා යාම් කිහිපයක් පිළිබඳව පරීක්‍ෂණ සිදුකල  රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ මෙම  පිපිරීම්වලට හේතුව  ගෑස් පිරවීමේදී එහි සංයුතියේ සිදුවූ වෙනසක් වන  බවය .

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් වන බැවින් ගෑස් සංයුතියේ අඩු ප්‍රොපේන් ප්‍රතිශතයක් හා වැඩි බියුටේන් ප්‍රතිශතයක් අඩංගු විය යුතුය. බියුටේන් 80% ක් සහ ප්‍රොපේන් 20% ක් අඩංගු විය යුතු නමුත් මේ වනවිට භාවිතා කරන ගෑස් සිලින්ඩර්වල එම සංයුතිය 50:50 ලෙස වෙනස් කර ඇති බවයි රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කිසිදු අනුමැතියකින් තොරව මෙසේ සංයුතිය වෙනස් කර තිබෙ. පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසනත් අලගියවන්න මහතාද දැනුවත් කළ බවයි. කෙසේ නමුත් ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවද තුෂාන් ගුණවර්ධන මහතා පවසයි

මේ වනවිටත් ගෑස් සිලින්ඩර පිපිරීම හේතුවෙන් අනතුරු කිහිපයක් සිදුව ඇති බවත් අවශ්‍ය පියවර නොගතහොත් සෑම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා හා සමාන තත්වයක් ඇතිවන බවත් ගුණවර්ධන මහතා පසුගියදා අනතුරු අඟවමින් පවසා තිබිණි.