දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම නව කොවිඩ් ප්‍රභේදය B.1.1.529 ලෙස සඳහන්ව තිබේ.
විද්‍යාඥයින් මෙම නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ එන්නත්කරණය මධ්‍යයේ එරට ආසාදිතයන් යළි ඉහළ යමින් පවතින පසුබිමකය.
එරට බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය පවසන්නේ B.1.1.529 ලෙස නම්කර ඇති මේ ප්‍රභේදය බොට්ස්වානා හා හොංකොංවලින් ද හඳුනාගෙන ඇති බවය.
ඉහළ විකෘතිතා පෙන්නුම් කරන මෙම නව ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අබිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකරයි.