නවතම පුවත්

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්නේ නෑ 

Roshan

Roshan

උමංග බණ්ඩාර

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආණ්ඩුව සම්බන්ධයෙන් යම් යම් විවේචන තිබුණ ද අඛණ්ඩව ආණ්ඩුව සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.

“කිසිම තීන්දුවක් අරගෙන නැහැ. එක එක අය එක එක විදිහේ ප්‍රචාර කරනවා. ඒ ගැන අපි කලබලවෙන්නේ නැහැ. තවමත් අපි ආණ්ඩුව සමග වැඩකරගෙන යනවා.”

මේ අතර දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ අණ්ඩුව ගැන කලකිරීමක් නැද්ද යනුවෙනි එයට පිලිතුරු දුන් දයාසිරි ජයසේකර මහතා මෙසේ පවසා සිටියා?

“නැහැ.. නැහැ කිසි කලකිරීමක් නැහැ. තියෙන ඒවාට අපි ඒ වෙලාවට මුහුණදීගෙන යනවා. ඉතින් අපි හදපු ආණ්ඩුවනේ.. අපි හදපු ජනාධිපතිතුමානේ. ඒ නිසා ආණ්ඩුවේ තිබෙන දුර්වලතා සහ අඩුපාඩු ටිකත් රැකගෙන ඉදිරියට ගෙනියන්න තමයි බලාපොරොත්තුව තිබෙන්නේ.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි