නවතම පුවත්

නව කොරෝනා ප්‍රභේදය ලංකාවටත් ඇතුළුවේවිද ?

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

ගුවන්තොටුපොළ හරහා රට තුළට කොවිඩ් වෛරසය ඇතුළුවීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරුඅඟවා සිටී

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ සඳහා කඩිනමින් අවධානය යොමු කර නිසි වැඩපිළිවෙළක් සකස් කළයුතු බවය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය

“කොවිඩ් -19 ආසාදිතයින් දෛනිකව ලංකාවේ වැඩිවෙමින් පවතිනවා. ඒ වගේම මරණත් යම් තරමකට වැඩිවෙමින් තියෙනවා. රට තුළ අපට පෙනෙන්න තිබෙනවා සෞඛ්‍ය උපදෙස් නොතකමින් බොහෝ පිරිස් කටයුතු කරන අයුරු. ඒ අතර තමයි දකුණු අප්‍රිකාව ආශ්‍රිතවත් මේ වෙනකොට රටවල් 5කත් නව ප්‍රභේදයක් වාර්තා වෙන්නේ. මේ ප්‍රභේදය පිළිබඳ බරපතළ ගණයේ අනතුරු ඇඟවීම් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙද්දි කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගුවන්තොටුපොළේ තත්ත්වය ඉතාමත්ම කණගාටු දායකයි. ගුවන්තොටුපොළ ඇතුළත සෞඛ්‍ය අංශ දැනට කොවිඩ් -19 අවේක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළත් ඒ කටයුතු කරන්නේ නොසලකා හැරීම් මැද. මේ වෙද්දි ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒවාගේම රේගු දෙපාර්තමේන්තුව මෙවැනි ආයතන රැසක් පසුකර ගෙන අවසානයේ විදේශිකයෝ සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍ය අංශ වෙත පැමිණෙන්නේ. ඔවුන් භාණ්ඩ මිලදී ගෙන සියලුම ස්ථානවලට නිරාවරණය වෙලා තමයි සෞඛ්‍ය අංශවලට එන්නේ. ඒ නිසා අනෙකුත් කාර්යමණ්ඩල දැඩි අවදානමකට යොමුවෙලා තියෙනවා. ඒ වාගේම ගුවන්තොටුපොළේ පවතින ලිහිල් පද්ධතිය නිසා මගීන්ට යම් විදිහකින් සෞඛ්‍ය අංශ මඟහැර යාමේ අවදානමක් තිබෙනවා.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි