ඩොලර් හිඟයෙන් කොළඹ වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් ගොඩගැසේ

Picture of අසංක

අසංක

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඩොලර් හිඟයෙන් කොළඹ වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් ගොඩගැසේ ඩ
මෙරට වාණීජ බැංකු වෙත නිසි ලෙස අදාල ගෙවීම් රුපියල්වලින් කර ඇතත් අදාල භාණ්ඩ මෙරටට අපනයනය කළ සමාගම්වලට ඩොලර්වලින් නිසි කලට ගෙවීම් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා වරායේ සිරවී ඇති බහලුම් වලට දෛනිකව ගබඩා කුළියක් පවා එකතුවෙමින් පවතින බවත් අවසානයේදී එම මුදලද පාර්භෝගිකයාගේ පිට පැටවෙන බවත් එම සංගමය සදහන් කරයි.

සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි.