අර්ජුන ඉල්ලා අස්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත

ඊට අදාළ ලිපිය එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බවද  අර්ජුන රණතුංගමහතා පැවසුවේය . ඉකුත් වසරේ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලැබූ දැවැන්ත පරාජයක ස්වයං විවේචනාත්මකව පිළිගත යුතු බවයි ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙ.

වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පක්‍ෂය මේ වනවිටත් අපොහොසත් වී ඇති බවද අර්ජුන රණතුංග පවසයි .

මේ හේතුවෙන් තවදුරටත් පක්‍ෂයේ රැදී සිටීම ඵලක් නොමැති බව හැගෙන බැවින් තමන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව අර්ජුන රණතුංග පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියේ සදහන් කර ඇත.