ඊයේ පැය 2ක් රටෙන් කොටසක්  අඳුරේ

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි 

දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක ප්‍රදේශ  රැසකට ඊයේ (29) රාත්‍රි පැය 2ක පමණ කාලයක් විදුලිය බිඳවැටීමට ලක්විය.

ඊට  හේතු වූයේ  කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන්‌ මාර්ග බිඳවැටීමක්‌ බව විදුලි බල අමාත්‍යාංශය කීය.

ඒ හේතුවෙන්‌ මහවැලි බලාගාරවලින්‌ විදුලිය නිෂ්පාදනය නැවති තිබිණි.

කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, මහනුවර, පොළොන්නරුව, නුවරඑළිය, කුරුණෑගල, අම්පාර ආදි දිස්ත්‍රික් ගණනාවක ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටී ඇතැයි වාර්තා විය.

ඊයේ රාත්‍රි 7.20 පමණ සිට 9.30 පමණ දක්වා පැය 2ක් මෙලෙස විදුලිය බිඳවැටී තිබිණ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී සිටින අතර ඒ අනුව ඔවුන් රාජකාරි කරනුයේ කාර්‍යාල වේලාවේදී පමණක් බැවින් සිදුවිය හැකි විදුලි බිඳවැටීම් සැකසීමට කල් වේලා ගතවිය හැකි බවට  මීට පෙර අනතුරු අඟවා තිබුණි.

නමුත් ලංවිම ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසා තිබුණේ ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත නොවන බවත් විදුලි බිඳවැටීම් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි.