නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කතුන් වැඩිවුණත් නීතිය හමුවේ වැරදිකරුවන් 98%ක් පිරිමි

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ වෙසෙන බහුතරය කාන්තාවන් වුවද බන්ධනාගාරගතව සිටින රැඳවූවන් සහ වැරදිකරුවන් මෙන්ම මරණ දඬුවම් ලබා සිටින 98%ක් පමණ පිරිමි පාර්ශවය බව මෙරට සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි.

මෙරට සමස්ත ජනගහනයෙන් 50.7%ක් කාන්තාවන් වන අතර පිරිමි 49.3%ක් පමණ වේ.

එහෙත් බන්ධනාගාරගතව සිටින සියලුම වර්ගයේ රැඳවූවන්ගෙන් බහුතරය වී ඇත්තේ පිරිමි පාර්ශ්වයයි.

බන්ධනාගාර ගත රැඳවූවෙක් යනු නීතිය යටතේ දිවයිනේ විවිධ අධිකරණ මගින් කිසියම් අපරාධයකට වරදකරු ලෙස හඳුනාගෙන යම් කිසි කාලයක සිරගතකිරීමක් නියම වූ පුද්ගලයෙකි.

රිමාන්ඩ් බන්ධනාගාර ගත රැඳවියෙක් යනු කිසියම් අපරාධයකට සැකකරු ලෙස හඳුනාගෙන නඩු විභාග කරන තෙක් සිරගත කරන ලද පුද්ගලයෙකි.

2020 වසරේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට සෘජුවම ඇතුළත් කරන ලද බන්ධනාගාර ගත රැඳවූවන් ප්‍රමාණය 19,856ක් වූ අතර රිමාන්ඩ් බන්ධනාගාර ගත රැඳවූවන් ප්‍රමාණය 90,362ක් විය. එම බන්ධනාගාර ගත රැඳවූවන්ගෙන් 98%ක්ම සහ රිමාන්ඩ් බන්ධනාගාර ගත රැඳවූවන්ගෙන් 95%ක්ම පිරිමි පාර්ශවයයි.

පෙර වසරට සාපේක්ෂව 2020 වසරේදී බන්ධනාගාරගත රැඳවූවන්ගෙන් වරදකරුවන් වූවන් සංඛ්‍යාවේ පහළයාමක් පහත ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි. කොවිඩ් තත්ත්වය හමුවේ නඩු කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමේ කාලසීමාවන් ද මෙම ප්‍රතිඵලයට බලපා තිබිය හැකිය.

පහත ප්‍රස්තාරයේ දක්වා ඇත්තේ 2016 – 2020 දක්වා මෙරට තුළ වරදකරුවන් වූ රැඳවූවන්ගේ සංඛ්‍යාවයි.

පහත ප්‍රස්තාරයේ දැක්වෙන්නේ 2017-2020 දක්වා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාසිටින රැඳවූවන්ගේ බෙදීයාමයි.

බන්ධනාගාරගතව සිටින රැඳවූවන්ගෙන් මරණ දඬුවම ලැබූ බහුතරය ද පිරිමි පුද්ගලයන් බව පහත රූපයෙන් දැක්වේ.

ශ්‍රී ලංකාවේ සෘජුවම බන්ධනාගාරවලට ඇතුළත් කරන ලද බන්ධනාගාර ගත රැඳවූවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා කරන්නේ පිළිවෙළින් අවුරුදු 30-39 වයස් කාණ්ඩයේ පසු වන පුද්ගලයන් (38%ක්), අවුරුදු 40-49 වයස් කාණ්ඩයේ පසු වන පුද්ගලයන් (24%ක්) හා අවුරුදු 22-29 වයස් කාණ්ඩයේ පසු වන පුද්ගලයන් (20%ක්)ය.

පසුගිය වසරේදී ඍජුවම බන්ධනාගාරගත කළ රැඳවූවන් ගණන 19856ක් බව පහත පළමු රූපයෙන් පෙන්වා දෙයි. එමෙන්ම ඇප මත, දඬුවමක් මත, දඩ ගෙවීමෙන් හෝ විශේෂ අවස්ථා මත නිදහස ලැබූ රැඳවූවන් ගණන 19665ක් බව පහත දෙවැනි රූපයේ දක්වා ඇත.

කෙසේවෙතත් පසුගිය වසර තුළදී බන්ධනාගාරවලින් පැනගිය රැඳවූවන්ගේ සංඛ්‍යාව 110ක් වන අතර ඉන් 55 දෙනකු යළි අත්අඩංගුවට ගෙන ඇත. කිසියම් හෝ කරුණ මත මියගිය රැඳවූවන්ගේ සංඛ්‍යාව 168කි.

2020 වසරේ ශ්‍රී ලංකාවේ සෘජුවම බන්ධනාගාරවලට ඇතුළත් කරන ලද බන්ධනාගාර ගත රැඳවූවන් 435ක් ඊට පෙර ද අවම වශයෙන් පස් වතාවක් හෝ බන්ධනාගාර ගත රැඳවූවන්ව සිටි පුද්ගලයන් බව හෙළිවෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවල දැක්වෙන පරිදි එම වර්ෂයේ බන්ධනාගාර ගත රැඳවූවන්ගෙන් බහුතරය (53%) මින් පෙර කිසිදු අපරාධයකට වරදකරු ලෙස හඳුනා නොගත් පුද්ගලයන් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා