සෞඛ්‍ය සීමාවලින් තොරව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට නම් ජනතාව අද සිටම ඒ සඳහා කැපවීම් කළ යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී,
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ එය සමරනවාද නැද්ද යන්න මෙම කාලසීමාවේදී ජනතාවගේ ක්‍රියාකලාපය අනුව තීරණය වනු ඇති බවයි.
ඒ අනුව බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබාගැනීමට ජනතාව කටයුතු කල යුතු බවද ඒ මහතා පැවසීය .
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 982 දෙදෙනෙකු වාර්තා වූ අතර . ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 14 ක්. ගතවූ දින 08 දී පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 7, 263 දෙනෙකු වාර්තා විය .
මේවනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 95 කට වැඩි පිරිසකට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. මේ අතර රජය විසින් මේවනවිට බූස්ටර් මාත්‍රා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙ.