නවතම පුවත්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අද සිට නැවතත්- රවී කුමුදේශ්

Roshan

Roshan

උමංග බණ්ඩාර

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අත්හිටවූ අරගලය හෙට (02දා) සිට යලි අරඹන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවූ ඉල්ලීම් පිළිබඳ ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක්  සම්මේලනය දැනුවත් කර නොමැති බවද ඔවුන් පවසයි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය මාර්තු 2 සහ 3 දිනයන්හීදි දිවයිනේ සියළු රෝහල් හී පවැත්වෙන අතර හදිසි හා අත්‍යාවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි සේවාව ලබාදීමට කටයුතු කරනු ලැබේ.

අත්‍යවශ්‍ය ප්‍රතිකාර පිළිබදව සැලකිල්ලට ගනිමින් සියළු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ද, බෝවන රෝග විද්‍යාතනය – අංගොඩ, මානසික සෞඛ්‍ය විද්‍යාතනය – අංගොඩ, මධ්‍යම ලේ බැංකුව තුල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකිරීමටද සම්මේලනය තීරණය කොට ඇත.

කෙසේ නමුත් උක්ත දින දෙක තුලදීත් සාධාරණ විසදුමකට ඒමට අපොහොසත් වුව හොත් මාර්තු 10 වෙනිදායින් පසුව එළඹෙන ඕනෑම දිනයකදී නැවත නොදන්වා අත්හිටවු අඛණ්ඩ වර්ජනය යලි ඇරඹීමටද සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කොට ඇත.

වර්ජනයට අදාල ප්‍රධාන ඉල්ලීම්

  1. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට ගැලපෙන පරිදි පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හී වැටුප් විෂමතාවය ඉවත් කිරීම.
  2. අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති පරිදි 5/7 උසස්වීම් සදහා චක්‍රලේඛය නිකුත් කිරීම හා එය පෙර දාතම කිරීම
  3. පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය හා හෙද සේවා සදහා අධ්‍යක්ෂක තනතුරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තනතුරු ඇති කිරීම
  4. අතිකාල හා වසර 23කින් වැඩි නොකල නිදර්ශක දීමනා වැඩි කිරීම සදහා එකගවූ පරිදි කටයුතු කිරීම
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි