නවතම පුවත්

බෙලරූස්හි ලාංකික සිසුන්ගේ ආරක්ෂාව ගැන වහා පියවර ගන්න අගමැති උපදෙස්

අසංක

අසංක

බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ වහා මෙම පියවර ගත යුතු බවට අගමැතිවරයා උපදෙස් දී ඇත්තේ බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 1500කට ආසන්න පිරිසක් නියෝජනය කරමින් එම දෙමාපිය එකමුතුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව බෙලරුස්හි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයක් 1600ක පමණ පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීම බෙලරුස් රාජ්‍යට ආසන්නයෙන්ම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔස්සේ දැනට සිදුවෙමින් තිබේ.

අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කරමින් අධ්‍යන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීමටත් ඔවුන්ට රුසියාවට පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමටත් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්