ශ්‍රී ලංකාවෙන් තවත් නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව පර්යේෂණ මෙහෙයුම් රැසකින් සමන්විත බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න පවසයි .

එම නැනෝ චන්ද්‍රිකාව කක්ෂ ගත කෙරුණේ ඉකුත් බ්‍රහස්පතින්දා දින වන අතර ජාත්‍යන්තර ආයතන 5ක් සමග ඒකාබද්ධව එම නැනෝ චන්ද්‍රිකාව නිර්මාණය කළ බවද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න මහතා මාධ්‍ය වෙත පැවසීය

මෙවැනි ව්‍යාපෘති මගින් රටට අත්වන ප්‍රතිලාබ සම්බන්ධයෙන් ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කරුණු දැක්වූ අතර කිට්සුනේ ලෙස නම් කර ඇති එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දින සිග්නස් – 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබීය .

එම මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම ඊයේ සිදු කළ බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සදහන් කළේ.

ආතර් සී. ක්ලාක් ආයතනය පළමු වරට නිර්මාණය කළ නැනෝ චන්ද්‍රිකාව වූයේ රාවණ 01 නැමැති චන්ද්‍රිකාවයි. එය 2019 වසරේ ජුනි 17 දින ජත්‍යන්තර අභයාවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂ ගත කෙරින .