IPL අද ඇරඹේ – ලබන වසරේ කාන්තා තරගයකුත්

Picture of අසංක

අසංක

2022 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී අද ආරම්භ වෙයි.

තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංස් නායකත්වයෙන් ඉවත් වීම නිසා අද දිනයේ දී චෙන්නායි කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රවීන්ද්‍ර ජඩේජායි. කොල්කටා කණ්ඩායමේ නායකත්වය ශ්‍රේයර්ස් අයියර්ටයි හිමිවි තිබේ.

තරගය ශ්‍රී ලංකා වේලාවවෙන් අද රාත්‍රි 7.30ට පැවැත්වේ.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව කාන්තා ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරිමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කරයි.

2023 වසරේ සිට මෙම තරගාවලිය පැවැත්වීමට ඔවුන් කටයුතු යොදා ඇත.

මේ සදහා කණ්ඩායම් පහක් හෝ හයක් සහභාගී කරගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි.

ඉන්දීය ක්‍රිකට් සභාවේ මහ සභා රැස්විමේදී ඊට අදාළ අනුමැතිය ලැබි ඇති බව ඉන්දිය ක්‍රිකට් ආයතන පවසා ඇත.