නවතම පුවත්

අපි මේ ගෙවමින් ඉන්නේ දුෂ්කරම කාලයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්” අත්සන් කළ පසු  මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් අද (14 )පැවසීය.

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නැවක් අද (14) පැමිණි අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට  ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන නැව් වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව  ලබා දෙන්නට  තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරයා කීය. 

නමුත් අඛණ්ඩව ගෑස් සහ ඉන්ධන සැපයීම් කළ  හැක්කේ දැනට තිබෙන ඉල්ලිම් වලින් සියයට පනහක් ලබා දෙනවා නම් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරි සැපයීම් කරන බවද සඳහන් කළේය.

ඩොලර් හිඟය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කණ්ඩායම සමග සාකච්ඡා කර ගෙන යන අතර ඒ් වැඩ කටයුතු ජුනි මාසය ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතියි  බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කළේය. 

තමා කලින් සඳහන් කළ පරිදි දැන් දුෂ්කර ම කාලය ගෙවමින් සිටින අතර ඒ ප්‍රශ්නවලට මුහුණ දී  දරා ගැනීම ගැන සියලු දෙනාට ස්තුති කරන බවත්  ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳන්න බැරි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා කීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි