ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සපුරාදීම අපේ අපේක්‍ෂාවයි – අදානි සමාගම

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇතැයි අදානි සමාගම පවසයි.
අදානි සමූහයේ ප්‍රකාශවරයෙකු ඉන්දිය මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

අදානි සමුහයේ ප්‍රකාශවරක වරයා පවසා තිබුණේ, අදානි ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අතර සම්බන්ධතාවයේ වැදගත් අංගයක් බවයි.

තම සමාගම අපේක්ෂා කරන්නේ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ දැනට පවතින අවශ්‍යතා සපුරාදිම බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා රජය දැනටමත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන අවසන් බව ද ‘ ඔහු පවසා ඇත.