ට්‍රම්ප් ට්විටර් සමාගමට දොර අරියි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ටිව්ටර් ගිණුම සක්‍රීය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ට්විටර් සමාගම විසින් මිට මාස 22කට පමණ ඉහතදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම තහනම් කරනු ලැබුවා.

කෙසේවෙතත් ඉලෝන් මක්ස් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ මත විමසීමකින් අනතුරුව ඉලෝන් මස්ක් විසින් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රිය කර ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසුවා.

එහිදී බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කළ යුතු බවයි.