උතුරු පළාතට හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ වන වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරින්ගේ අවධානය යොමු කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා මන්නාරම තම්බපවණී සුළං විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින්.

මේ අතර පුනර්ජනනීය බලශක්ති විභව විදුලිබල ජාලයට එක්කිරීම පිළිබඳව සහ මන්නාරම තම්බපවණී සුළං විදුලි බලාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා සහ නිලධාරීන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉදිරි දස වසරක සැලසුම් සම්බන්ධයෙන් ද ලංකා විදුලිබල මණ්ඩලය සහ පුනර්ජනණීය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමග ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.