උද්ධමනය සියයට 3කින් පහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය පහත වැටී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ පැවති සියයට 73.7ක් වූ උද්ධමන අගය ඉකුත් ඔක්තෝබර් මාසය වන විට සියයට 70.6ක් දක්වා අඩු වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට උද්ධමනය පහත වැටී ඇත්තේ සියයට 3.1ක අගයකින්. සැප්තැම්බර් මාසයේදී සියයට 85.8ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමන අගය ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට 80.9ක් දක්වා අඩු වී තිබෙනවා.

කෙසේවෙතත් සැප්තැම්බර් මාසයේදී සියයට 31.7ක් ලෙස පැවති අධ්‍යාපන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසය වන විට සියයට 35.1ක් දක්වා වර්ධනය වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසයන් සන්සන්දනය කිරීමේදී සන්නිවේදන අංශයේ උද්ධමනයද සියයට 25.8 සිට සියයට 34.8ක් දක්වා වර්ධනය වී තිබෙනවා.