චන්ද්‍රිකා එක්ක රොත්තක්ම අතෙන් පන්නයි

Picture of අසංක

අසංක

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ජනපතිනියගේ සහ ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගත් 8 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම පියවර ගෙන තිබේ.