නවතම පුවත්

ජලයට වඩා රුධිරය ඝනයි ,ඉන්දු-ලංකා සබඳතාත් ඒ වගෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුධිරය ජලයට වඩා ඝන සේම දුෂ්කර කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවික බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද මධ්‍යයේ ඔහු ඒ බව සඳහන් කළේ නවදිල්ලියේ පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින්.

එම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛි ද එක්ව සිටියා.

අර්බුදකාරී අවස්ථාවලදී, ඉන්දියාව සිය අසල්වැසියා පළමුවෙන් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එම රටවල් සමඟ එක්ව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අභියෝගය ජය ගනු ඇතැයි සෑමවිටම විශ්වාස කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සඳහන් කළා. කෙසේවෙතත් මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ සැබෑ මිතුරන් ලෙස සිටීම වැදගත් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් එහිදී පවසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි