ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවේවි – අමෙරිකාව විශ්වාසෙන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික ණය වැඩසටහන් සමග ඉදිරියට යාමට මෙම ණය ප්‍රතිව්‍යුහගතකීරීම උපකාරි වනු ඇති බවයි ඇය සදහන් කළේ.

ඉන්දියාවේ පැවැති ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන් සහ මහබැංකු කරුවන්ගේ කණ්ඩායම් රැස්වීමට පෙර පැවැති මාධ්‍ය හමුවකට ඵක්වෙමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මේ බව සදහන් කළා.