නවතම පුවත්

කොටස් වෙළෙඳපොළ ඉහළට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 94.60 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 49.85 කින් ඉහළ යන ලදී.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,525.39 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 2,992.88 ක් ලෙසත් වාර්තා වුණි.

මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 0.91%ක හා 1.69%ක වර්ධනයකි.

රු. මිලියන 872.28 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වුණි.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 829.95 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 680.73 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 42.32 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 191.54 ක් ලෙසින් සටහන්ව තිබුණි.

අද දින සමාගම් 99 ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබුණු අතර සමාගම් 66 ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, සම්පත් බැංකුව, HNB බැංකුව සහ DFCC බැංකුව යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් අද දින ලැබී තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා