නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

සයිබර් අපරාධ ඉහළට

අසංක

අසංක

අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය මගින් සිදුවන අපරාධ ඉහළ ගොස් ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ සමාජ මාධ්‍ය පිළිබඳ පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇත.

2023 වසරේදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වෙත සමාජ ජාලා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සිදුවීම් 20,033 ක් ලැබී තිබේ.

ගිය වසරේදී සයිබර් ආරක්ෂාව සම්බන්දයෙන් වන සිදුවීම් 409 ක්ද වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා සර්ට් ආයතනය දේශීය හා අන්තර් ජාතික ආයතනවල සහයෙන් එම ගැටලුවලට පිළියම් ලබා දී තිබේ.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන තර්ජන, බිය වැද්දීම් මෙන්ම ව්‍යාජ ගිණුම් හරහා කෙරෙන බලපෑම් ඒ අතර වෙයි.

සයිබර් ආරක්ෂාව පිළිබද පැමිණිලි අතර වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාර්ගගතව සිදුකෙරෙන හිරිහැර කිරීම්, ලුහුබැඳීම සහ පුද්ගලයන් හෝ කණ්ඩායම් ඉලක්ක කරන හිරිහැරය.

අපරාධකරුවන් අන් අය බියගැන්වීම්, තර්ජනය කිරීම් හෝ හානිකිරීමට සමාජ මාධ්‍ය වේදිකා හෝ වෙනත් සබැඳි (links) සංසද(groups) භාවිතා කරයි.ඊට අමතරව සිදුකෙරෙන වෛරී අපරාධවලට ජාතිය, ආගම, වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය යනා දී ලක්ෂණ මත පදනම්ව පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව කරන වැරදි ඇතුළත් වේ.

මෙම සයිබර් අපරාධවලට වෙනත් අයකුගේ පුද්ගලික තොරතුරුවලට අනවසරයෙන් ප්‍රවේශ වීම (hack), දත්ත කඩකිරීම් සහ අනන්‍යතා සොරකම් කිරීම, තතුබෑම් ප්‍රහාර (Phishing attacks), අනිෂ්ට මෘදුකාංග සහ සංවේදී තොරතුරු මුල්කරගනිමින් කෙරෙන තර්ජන හා කප්පම් ඉල්ලීම්ද ඇතුලත් වේ.

අන්තර්ජාල හා සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේසම්කාරී හා ආරක්ෂාකාරී ක්‍රම භාවිතා නොකිරීම, නොසැලිකිලිමත් බව, නොදැනුවත්භාවය වැනි හේතු මෙම අපරාධවලට ගොදුරුවීමට බෙහෙවින් බලපා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එම නිසා සයිබර් ආරක්ෂාව පිළිබද දැනුවත්භාවය ඇතිව මෙම මාධ්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා සර්ට් ආයතනය අවධාරණය කර සිටියි.

පහත දැක්වෙන්නේ 2023 වසරේදී‍ මෙරට තුළ සිදුවූ බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වූ පැමිණිලි පිළිබඳ රූපසටහනකි.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)