මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනයට සාපේක්ෂව රු. 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි.
අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රු. 342,300ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (14) දින එම මිල රු. 337,600ක් ලෙස දැක්වුණා.
“කැරට් 24” රන් පවුමක මිල ඊයේ රු. 365,000ක් වූ අතර, අද වන විට එය රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර රන් මිල වැඩිවීම මෙයට බලපා ඇති බවයි.