මැදපෙරදිග යුධ ගැටුම් නිමවන ලකුණු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මැදපෙරදිග කලාපය පුරා පැතිර පවතින දරුණු යුද තත්ත්වය සමනය කිරීමට සහ ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වෙත පනවා ඇති නාවික අවහිරතාව අවසන් කිරීම අරමුණු කරගනිමින්, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රතිපත්තිමය වශයෙන් විශේෂ ගිවිසුමකට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත වෙත අදහස් දක්වමින් ඇමරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ බව තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම එකඟතාව සඳහා වන අවසාන සහ නිල අනුමැතිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානයේ උත්තරීතර නායකයා (Supreme Leader) විසින් මෙතෙක් ලබා දී නොමැති අතර, ඔවුන් දෙදෙනාගේ ඉදිරි අනුමැතියට යටත්ව මෙම එකඟතාව ක්‍රියාත්මක වීමට නියමිත බවත් එම වාර්තාවේ සඳහන්.