ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලෝක සම්මානයක්

Picture of Roshan

Roshan

25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ .

මෙම ලෝක සංචාරක උළෙල ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ විවිධ අංශ හදුනා ගැනීම සහ එම සංචාරක ව්‍යාපාරයේ විශිෂ්ඨතා ඇගැයීමත් සිදු කරන වැඩසටහනකි .

මෙම සම්මාන ප්‍රධානෝත්සවය පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දා පැවැත්වූනි .

එහිදී අදහස් දැක්වූ ලෝක සංචාරක සම්මාන උළෙලේ නිර්මාතෘ ග්‍රහැම් කුක් මහතා , ” ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය සේවා වැඩ් දියුණු කිරීම තුළින් සංචාරක ව්‍යාපාරයේ සහ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට පාත්‍ර වී ඇති බව ” ප්‍රකාශ කළේය .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආසියා සහ ඕස්ට්‍රේලේෂියා ලෝක සංචාරක උළෙලේ දී ද , 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය ද දිනා ගෙන තිබේ .

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග එයා ඕස්ට්‍රේලියා , එයා ප්‍රාන්ස් , එයා ඉන්ඩියා , එයා ෂීෂෙල්ස් , එයා ඒෂියා , බ්‍රිටිෂ් එයා වේස් , එමිරේට්ස් , ඉටිහාඩ් , K.L.M.(කේ.එල්.එම් .) , ලුෆ්තන්සා , කටාර් එයා වේස් සහ තුර්කි ගුවන් සේවය යන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා තරග වැදී තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 13 ක් වෙත , සතියකට ගුවන් ගමන් වාර 119 ක් ද , මීට අමතරව ඩකා , කරච්චි , ලාහෝර් ,මාලදිවයින මෙන්ම මැද පෙරදිග , ඈත පෙරදිග යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වෙත ද සිය ගුවන් ගමන් සේවා සැපයීම සිදු කරමින් සිටිති .

(කටුනායක ටී.කේ.ජී.කපිල )