නැංගුරම කැඩී නැවක් රූමස්සල කන්දෙ හැපෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දැඩි සුළං හා වර්ෂාපතනය සමග මුහුද රළුවීම හේතුවෙන් ගාල්ල වරායේ නැංගුරම් ලා තිබු ශ්‍රි ලංකා ග්ලෝරි නැමැති නෞකාව ඊයේ (18) සවස නැංගුරම කැඩී රූමස්සල කන්දේ වැදී අනතුරට ලක්වී තිබේ. නෞකාව අනතුරට පත්වනවිට එහි කාර්ය මණ්ඩලයේ නව දෙනෙකු සිට ඇති අතර ඔවුන්ව බේරා ගැනීමට නාවික හමුදාව සමත්වු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර the Colombo express වෙත පැවැසීය.

දැඩි සුළං තත්ත්වය සමග පැවැති අයහපත් කාලගුණ තත්ත්වය මීට හේතු වී තිබේ. නෞකාවේ වත්මන් අයිතිය තිබී ඇත්තේ ඉන්දීය සමාගමක් සතුව බව ගාල්ල වරයේ නිල නොලත් ආරංචි මාර්ග සදහන් කළේය. කෙසේ වෙතත් අදාල නෞකාව රූමස්සල කන්දේ ගැටෙන ආකාරයේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍යවල දැකිය හැකිය. එම ඡායාරූප නිදහස් මාධ්‍යවේදියෙකුවන දර්ශන චන්දිමාල් විසින් ඡායාරූපගත කර තිබේ.
ඡායාරූප – දර්ශන චන්දිමාල්