පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 3යි

Picture of අසංක

අසංක

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දිනයේ ජීවිත සිය ගණනක් බිලිගෙන මෙරට ආර්ථික, සමාජයීය හා ආකල්පමය වශයෙන් මරු පහර වැලක් සිදුකොට අදට මාස 3ක් ගෙවී ගොසිනි.

අදටත් සමාජයීය හා ආකල්පමය හානියේ බරපතළ ව්‍යසනයන්ගෙන් මිදීමට හැකිවී නැත.

පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ අවම හානිය හෝ උපරිමය පිළිබඳ කිසිසේත් ගණනය කළ නොහැකිය.

එහෙත් එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් අපිට අහිමි කළ දේවල් හා අද පවතින තත්වය සංශිප්තයක් මෙසේ දැක්විය හැකිය.

බිලිගත් ජීවිත 263

තුවාල ලැබූවන් සංඛ්‍යාව 503

සැකකරුවන් 106 ක් අත්අඩංගුවට

ත්‍රස්තවාදීන්ට අයත් රුපියල් බිලියන 7ක වත්කම් අත්හිටුවීම

ජාතික තවුහීඩ් ජමාත් හා තවත් සංවිධානයක් මෙරට තුළ තහනම් කිරීම

මුහුණු ආවරණය කෙරෙන ඇඳුම් තහනම් කිරීම

හදිසි නීතිය බලපැවැත්වීම
රජය හානියට පත්වූවන්ට රු. මිලියන 265ක වන්දි ගෙවීම

රට පුරා ආරක්ෂාව තර කිරීම

මුළුමනින්ම බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය සෙමෙන් හිස එසවීමට පටන් ගැනීම